සම-ලිංගිකත්වය විකෘතියක් ද..??
මිනිසා යන ජීවියා ලිංගික ප්‍රජනනය මඟින් වර්ගයා බෝ කරන ස්ත්‍රී සහ පුරුෂ ලෙස පැහැදිලිව ලිංග දෙකකට බෙදිය හැකි සත්වයෙකි.
එනම් මිනිස් ගහණය තුල වර්ගයා බෝ කිරීමට ඩිම්භයක් සහ ශුක්‍රාණුවක් සංසේචනය විය යුතු ය.
මානව වර්ගයා මෙම ස්වභාවික ක්‍රමවේදය තුල වසර දහස් ගණනක සිට තම ශිෂ්ටාචාරය ගොඩනැගී ය. නමුත් ඕනෑම ගහණයක විකෘති බිහිවීම සාමාන්‍ය ක්‍රියාවලියයි. මෙම විකෘති, විද්‍යාත්මකව එසේ හඳුන්වන්නේ ඒවා සාමාන්‍ය ගහණයෙන් වෙනස් වීම නිසා ය.
පිරිමින්ගේ XY වර්ණදේහ සැකැස්මත් කාන්තාවන්ගේ XX වර්ණදේහ සැකැස්මත් පිහිටීම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් මෙම වර්ණදේහ බෙදීමේදී සිදුවන විකෘති නිසා XXY සහ XYY ලෙස ජාන සැකැස්මෙන් බිහිවන්නන් ඇත. ඒවා විද්‍යාත්මක පදනමින් විකෘතියක් ලෙස සැලකිය හැක.
නමුත් මේ පුද්ගලයින් විශේෂයින්ම XXY ලෙස තම වර්ණදේහ සැකැස්ම පිහිටා ඇති අය සමාජය තුල බලවත් ලෙස කොන් කිරීමට සහ අවමානයට පත්වනු දැකිය හැක.
නමුත් එසේ කොන් කිරීම සාධාරණීකරණය කළ නොහැක්කේ එය ඔවුන්ගේ තීරණයක් නොවන බැවිනි.!
ඔවුන්ට හිරිහැර කරන ඔබට අනාගතයේදී ලැබෙන දරුවා ද එවැන්නෙකු වීමේ ඉඩකඩ ඇති බැවින් ඔවුන්ට නිකරුනේ හිරිහැර කිරීම මා අනුමත කරන්නේ නැත.
එමෙන්ම සමහරුන් Bi-sexual හෙවත් එක් ලිංගික අනන්‍යතාවක් කෙරෙහි පමණක් ආකර්ෂණය නොවන අය වෙති.
මේ අය ගැහැණුන්ට මෙන්ම පිරිමින් වෙතද ලිංගිකව ආකර්ෂණය වීම සිදුවේ. එසේම කිසිදු ජානමය සාධකයක් නොමැතිව සමලිංගිකත්වයට යොමුවන පිරිස්ද ඇත.
සමලිංගික හැසිරීම් මිනිසා මෙන්ම අනෙකුත් සමහර සත්ව විශේෂ අතරද නිරීක්ෂණය වන බව ඩෙස්මන්ඩ් මොරිස් පවසයි.
බොහෝ කාලයකට තම විරුද්ධ ලිංගිකයන්ව ඇසුරු කිරීමට නොහැකි වූ කාන්තාවන් සහ පිරිමින් සම ලිංගික සම්බන්ධතාවලට යොමුවූ අවස්ථා ඇතිබව පරීක්ෂණ මඟින් සොයාගෙන ඇත.
මෙවන් පුද්ගලයන් නිසි උපදේශනයක් මඟින් නැවත යථා තත්වයට පත්කිරීමේ හැකියාව සොයා බැලිය යුතු ය.
කෙසේ නමුත් කෙනෙකුගේ ලිංගික අනන්‍යතාවයට ගරුකළ යුතු සේම එම ලිංගික අනන්‍යතා අනෙකාට බාධාවක් නොවී පවත්වාගැනීම ද සිදුකළ යුතු ය.
සමලිංගිකයන්ගේ ගොදුරුබවට වැඩිපුරම ලක්වන්නේ පිරිමි දරුවන් ය. පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන අතවර ගැන කතිකාවත් දහස් ගණනින් ඇතිවුවත් පොදු ප්‍රවාහනයේදී පිරිමින්ට සිදුවන අතවර ගැන එසේ කතිකාවත් බිහිවන්නේ නැත.
සමලිංගික පිරිමින් අතින් තවත් පිරිමින්ට සහ විශේෂයෙන්ම පිරිමි දරුවන්ට සිදුවන අතවර විශාල ලෙස ඉහල යාමට එක් හේතුවක්නම් සම-ලිංගිකත්වයට ඇති අධික තහංචියයි.
අප ඔබගේ ලිංගික අනන්‍යතාවයට ගරු කළද ඔබගේ ලිංගික තෘප්තිය සඳහා අපේ ශරීරය භාවිතා කරනවානම් ඊට එකහෙලාම විරුද්ධ වන්නෙමු..!!
කෙසේනමුත් සමලිංගික විවාහ ආදී සහණයන් ඔවුන්ට ලබාදීමත්, ඔවුන් වෙනස් සතුන් ලෙස නොසලකා මිනිසුන් ලෙස සැලකීමට සමාජය යොමු කිරීමත් මඟින් මෙම සමලිංගිකයන්ගෙන් සහ bi-sexual අයගෙන් සිදුවන අපචාරයන් වලකිනු ඇත.
මිනිසුන් ලෙස ඉපිද අනෙකුන්ට බාධාවක් නොවන පරිදි තම ලිංගික තෘප්තිය ලැබීම මානව හිමිකමකි.
නමුත් සාමාන්‍ය පිරිමින් සහ ගැහැණුන්ව සමලිංගිකයන් බවට පත්කිරීමට පෙලඹවීම සහ සාමාන්‍ය ගැහැණුන් සහ පිරිමින්ව තම විශම ලිංගික අවශ්‍යතා සන්තර්පණය පිණිස යොදාගැනීම සාපරාධී වරදකි..!!



